වෙස් නැටුම
උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තනාංගය වන්නේ වෙස් නැටුමයි. මෙම වෙස් නර්තනය මුල් සමයේ කොහොඹාකංකාරියෙහි පමණක් රඟ දැක්වූ මෙම නර්තනාංගය පසු කාලීනව පෙරහැර උත්සව අවස්ථා වැනි සමාජය තුළ ඉහලින් පිළිගන්නා නර්තනාංගයක් බවට පත් විය .මෙය උඩරට ප්‍රදේශයේ ආරම්භ වූ නර්තනාංගයකි.අද වන විට වෙස් නර්තනය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංකේතවත් කරන ඉතාම වැදගත් සංස්කෘතාංගයකි.මහා සම්මත රජ දවස ඔහුගේ විවාහය නිමිත්තෙන් වෙස් නර්තනය මුලින්ම නර්තනය කළ බවට පොත පතෙහි සඳහන් වේ.වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලය දෙවිවරු විසි හතර දෙනෙකුගේ ඇඳුම ආයිත්තම් වලින් සකස් වූ බව නර්තන කලාවේ සමහරක් තැනක සඳහන් වේ. එම නිසා නර්තන ශිල්පීන් ඉමහත් ගෞරවයෙන් මෙම වෙස් ඇඳුම් කට්ටලය භාවිතා කරයි.අධ්‍යතනයේ නුවර ඇසළ පෙරහැරෙහි ඉතාම විචිත්‍රවත් නර්තනාංගයක් ලෙසට හැඳින්විය හැක.මෙය අනිවාර්‍ය අංගයකි .

වෙස් නැට්ටුවන්ට දළඳා පෙරහැරෙහි සහ පිටදී නැටුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසුනේ 19 වන සියවසෙන් පසුවය. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය වෙස් ඇඳුම් කට්ටලය වේ. එය් කොහොඹා කංකාරිය ශාන්තිකර්මයෙහි පුරාවෘත කතාවෙහි සිටින මලය රජුගේ රාජාභරණ වලින් කොටසක් බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ.එහිදී එම ආභරණ කට්ටලය වෙස් ඇඳුම් කට්ටලය ලෙස හඳුන්වනු ලබයි.උඩරට නැට්ටුවා ශීර්ෂාභරණද ඇතුළු විචිත්‍රවත් ඇඳුම් කට්ටලයකින් සැරසෙයි.හිසට වෙස් තට්ටුව , පායිම්පත,ජටා පටිය. ආදි ආභරණ ද පපු පෙදෙස ආවරණය කරන්නා වූ අලංකාර පබළු ආභරණයකි.එය අවුල් හැරය නමින් හඳුන්වයි.ශීර්ෂාභරණය ලෝහ වලින් නිර්මිත නළල් පටියකින් යුතුව නැට්ටුවාගේ ගෞරවනීය බව තවත් වැඩිවන අයුරින් නිර්මාණය වී ඇත.තෝඩුපත් කන් දෙපසට සහ බන්ධි වළලු කෛමෙත්ත අත් ආභරණ ලෙස පළඳිනු ලබයි.බුබුළු පටිය ,ඉණ හැඩය ,හඟල ,පොත් පොට , උල් උඩය ආදිය වෙස් ඇඳුම් කට්ටලයේ කොටස් ලෙස නම් කළ හැකිය .ප්‍රධාන වශයෙන් රතු සහ සුදු පැහැය වෙස් ඇඳුම් කට්ටලයේ වර්ණ ද්විත්වය වේ .
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කරන අන්දමට වෙස් ඇඳුමේ යට කොටස සකස් වෙන්නේ ගුජරාටි ජාතිකයන් සාම්ප්‍රදායික ධෝතිය අඳින ක්‍රමයටය. වෙස් ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක් දකුණු ඉන්දීය තෙයියම් නැටුමේදී යොදාගන්නා බව මහාචාර්ය මුදියන්සේ දිසානායක සඳහන් කර සිටී. උඩරට වෙස් නර්තනයේ අද්‍යතන විශේෂතා පිළිබඳ විශ්ලේෂණයක්^ ලෙසින් කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට (2021) පර් යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ ආර්.ඒ. මධුසංක භාග්‍ය සඳහන් කරන්නේ මෙහි අතීතයේ දකින්න ලැබුණු අධ්‍යාත්මික ලක්ෂණ අද වන විට පිරිහී ගොස් ඇති බවය.
“වෙස්” යන්නෙහි අර්ථය වේශය හෙවත් උපකල්පිත පෙනුම යන්නයි. මෙහිදී උඩරට නර්තන ශිල්පීන්ගේ මතය වෙස් ඇඳුම යනු මලය රජුගේ සිව් සැටක් ආභරණ කට්ටලයෙන් හරි අඩක් බවත් එය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය බවත්ය. එනිසා වෙස් ඇඳුම හා වෙස් නර්තනය තුළ ඇදහිලි හා විශ්වාස සමඟ බැඳුණු පූජාර්ථයක් ගැබ් වී ඇත. අංගසම්පූර්ණ වෙස් ඇඳුමින් සැරසුණු ශිල්පියා “යක් දෙස්සා” ලෙස හඳුන්වයි. අතීතයේදී කොහොඹා කංකාරිය, වලියකුම, කඩවර කංකාරිය ආදී උඩරට ශාන්තිකර්මවලට පමණක් වෙස් ඇඳුම හා වෙස් නැටුම භාවිත කර ඇති අතර මෙය තාණ්ඩව ලක්ෂණවලින් යුතු පුරුෂ පාර්ශ්වය පමණක් ඉදිරිපත් කරන නර්තනයකි. යටත් විජිත සමයේදී ඇති වූ සමාජ, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් නිසා වෙස් නර්තනය පෙර තත්ත්වයෙන් මිදී විනෝදාස්වාදය මුල් වූ නර්තන ක්‍රමයක් ලෙස පරිවර්තනය වී ඇත. අද්‍යතනය වන විට මෙහි මූලික භාවිතයන් හා හර පද්ධතීන් ගිලිහී හුදෙක් පෙරහර, ප්‍රභූන් පිළිගැනීමට හා ප්‍රාසාංගික වේදිකා නර්තනයක් හා සංචාරක ප්‍රවර්ධන අංගයක් වී ඇත.''
ආරම්භයේදී පිරිමින්ට පමණක් පුහුණු වීමට අවසර තිබූ උඩරට නැටුම් සම්ප්‍රදාය මේ වන විටදී කාන්තාවන් අතරද ව්‍යාප්ත වී ඇති බව දක්නට ලැබේ. ඒ සඳහාම විශේෂයෙන් ආරම්භ කරන ලද අධ්‍යයනායතන කිහිපයක්ද ශ්‍රී ලංකාව තුළ දැකගත හැකිය. නමුත් ගැහැනු නැට්ටුවන් උදෙසාම වෙන් වූ වෙස් ඇඳුම් කට්ටලයක් නොමැති අතර පිරිමි නැට්ටුවන්ගේ ඇඳුම් කට්ටලය ගැහැනු නැට්ටුවකුට ගැලපෙන ලෙස වෙනස් කර භාවිත කිරීම ඇරඹී ඇත.ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්ගේ ගෞරවාදරයට පත් වෙස් නර්තනය ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත
Comments
Post a Comment